Related Posts Plugin for WordPress, Blogger...
හේ අපූරු මිනිසෙකි..නිර්ව‍යාජත්වය සරළ බව පසක් කර ගත් අයෙකි..සෑම අයෙකුටම තමුන්ටම අයත් ආවේනික අතීතයක් ඇත ...බොහෝ අය ඔවුන් ගේ සුන්දර සිදූවීම් හා ජීවිත අත් දැකීම් අන් අය සමග බෙදාහදා නොගනිති ..ප්‍රංශයේ වෙසෙන නාලක තුළින් අප දුටු අපූර්වත්වය නිසාම ඔහුට ස්වකීය මතකයන් අතර ඇති රසවත් දෑ අප ලංකානිව්ස් අඩවිය සමග ලියා බෙදාහදා ගන්නට ඇරයුම් කළෙමු .අප ලංකානිව්ස් අත්වැල් බැඳ ඇති ඔබට එම රසවත් මතකයන් වෙතට යාමට මෙතැන් පටන් අවකාශ සැළසේ.... ඔහුගේම රචනයෙන්

Popular Posts

Tuesday, February 19, 2019

ටවුන් හෝල් එක අමුතුම තැනකි..../ නාලකයාගේ මතකවස්තු 42 කොටස

ඉතිරි කිරීම ගැන දරුවෙකුගෙන් වැඩිහිටියෙකුට පාඩමක්.....
==========================================
උසස් පෙළ කාලය යනු පාසැල් ශිෂ්‍යයෙකුගේ ජීවිත මතක පොතේ විශාල පරිච්ඡේදයක් ලියවෙන කාලයකි. නාලකයාටද එය එසේමය. නාලකයා සාමාන්‍ය පෙළ ලිවීමට කලින් වසරේ එනම් 1983 ජූලි "කළු ජූලිය", නාලකයාගේ ජීවිතය අද මුහුණ පාන බොහෝ කාරනා වලට පාදම කිවහොත් නිවැරදිය. ඒ ගැන නාලකයා වෙනම ලියා ඇත. 
ඒ නිසා අප්පච්චීට නාලකයා ගැන හොයනවාට වඩා කටවල් හතරක් පුරවන්න ජීවිත සටනක් ගෙනියන්න සිදු වූයේ "කළු ජූලියෙන්" අපේ සියළුම කඩ සාප්පු "කොල්ල කා" තිබීම හේතුවෙනි. 40 දෙනෙකුගෙන් යුත් අප්පච්චිගේ සේවක පිරිසට වඩා අප්පච්චි අසරණ වී තිබිණ. එනමුත් හිරිමල් වියේ සිටි නාලකයා සිතුවේ එය නාලකයාට වල බහින්න දෙවියන් දුන් තෑග්ගක් ලෙසය. 

Saturday, December 29, 2018

"හාමුදුරුවනේ මම ඇතුලට වඩින්නද? " නාලකයාගේ මතකවස්තු 41 කොටස

නාලකයා පැරීසියට පැමිණ දැනට වසර 18ක් පමණ වන මුත් නාලකයා බොහෝ සේ ඇලුම් කරන සහ ආදරය කරන අතලොස්සෙන් එකෙකු මීට දින කිහිපයකට ඉහතදී මෙලොවින්
සමුගත් අතර එය නාලකයාට දරාගැනීමට අපහසුය. 

ඔහු නෙලුම් ලූජ් ඩැනියෙල් නොහොත් මුළු පැරීසියම හඳුණන නෙලුම් ය. 

ඉතාමත් සුහදශීලි නෙලුම් ගැන කොතනින් පටන්ගෙන මොනවා ලියන්නදැයි සිතට නොඑන්නේ ඒ සෑම මතකයක්ම ආවර්ජනය කරන විට නාලකයාගේ දෙනෙතට උනන කඳුලින් ඔහුගේ සුන්දර මතකයන් අතරේ නාලකයා අතරමංවන හෙයිනි.

කොටහේනේ සාන්ත බෙනඩික් පාසැලේ ආදි ශිෂ්‍යයෙක් වන නෙලුම් තම පාසැල් කාලයේ සුන්දර මතකයන් නිතර සිහිගන්වයි. සිංහල, ඉංග්‍රීසි, දෙමළ සහ ප්‍රංශ භාෂා ඉතාමත් චතුර ලෙස කතා කරන නෙලුම්ට සියළුම දෙනා මචං ලාය. ගැහැණුන් සියල්ලම "කෙල්ල" විය. තරුණ කෙල්ලන් කොල්ලන් සියල්ලම  "පුතේ" විය. නාලකයාගේ ශබ්දකෝෂයට මේ ආමන්ත්‍රණයන් එක්වූයේද නෙලුම්ගෙන්ය. 

Sunday, July 29, 2018

මෙන්න ඉතාමත් ලාමක මතකවස්තු. ...!!!

නාලකයාගේ මතකවස්තු වසරකට වඩා නොලියා සිටි අවධියේ පෞද්ගලිකව නාලකයා දේශපාලන කටයුතුවල යෙදුණු අතර දේශපාලන කටයුතුවලින් තෘප්තිමත් වුවාත් මොකක්දෝ හිස්බවක් සෑම විටම තිබූ බවනම් සැබෑවකි. නාලකයාගේ මතකවස්තු නැවත ලිවීම ආරම්භ කිරීමත් සමග නැවතත් පාඨක ඔබගේ ඇගයීම්, යෝජනා, චෝදනා අතරේ මම ප්‍රබෝධමත් වූ බවනම් සත්‍යකි. 
මාව මේ සඳහා "නාවන්න ගෙනියන බල්ලෙක්" ලෙස ඇදගෙන ගොස් නාලකයාට ලිවීමට උදව් උපකාර කොට, එහි ගුණදොස් පෙන්වා දුන් මා මිත්‍ර සුමිත් ඒ දිනවල මාහට මහා "ඇණයක්" ලෙස පෙනුණත් අද නාලකයාට ලැබෙන ප්‍රශංසා සියල්ලේම ගෞරවය ඔහුට නිතැතින් හිමිවිය යුතුය. නාලකයා දැන් කොපමණ පොරක් වී ඇත්දැයි කියනවානම් සුමිතා කතා කරනකොට ඔහුට පිළිතුරු දෙන්නෙත් "සුභ උදාසනක්. මම ප්‍රසිද්ධ ලේඛක නාලක කතාකරන්නේ. පොඩ්ඩක් බිසී කෙටියෙන් කියනවද ඇයි කතා කරන්නේ" කියාය. ඉන්පසු සුමිතාගේ දෙබස් වල ශිෂ්ඨ සමාජයක කතා කිරීමට නොහැකි වචනත් අන්තර්ගත හෙයින් මෙහි සටහන් නොකරමි. 
නාලකයා මුලින්ම අකුරු කල හලා/නාත්තන්ඩිය ධම්මිස්සර මධ්‍ය මහා විද්‍යාලයේ පලවෙනි පන්තියේ සිට පස්වෙනි පන්තිය දක්වා එකට සිටි පහේ කල්ලියේ සිටියේ ප්‍රගති ලක්මිණි අමරසිංහ, අයි. එම්. සුජීව, ලෙයාඩ් මර්වින් තිලකරත්න, ඇනස්ලි පෙරේරා සහ මමය. වෙනත් අය ආවා ගියා මුත් අපි පස්දෙනා ඉතාමත්ම එකට බැඳුණු මිතුරන් කැලක් වීමු.